තාක්ෂණික දැනුම සහ AI නවෝත්පාදනයෙන් වෘත්තීය අධ්‍යාපනය ජයගන්නා ලක්ෂාන් හෙට්ටිආරච්චි
කවුද මේ ලක්ෂාන් හෙට්ටිආරච්චි? මෝටර් රථ ක්ෂේත්‍රය සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ වසර 14කට අධික අත්දැකීම් ඇති, එක්සත් රාජධානියේ Royal Society of Chemistry ආයතනයෙන් පිරිනැමූ Professor of Chemistry පදවි නාමයෙන් පිදුම් ලැබූ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයෙකු සහ මෝටර් රථ උපදේශකවරයෙකු ලෙස මගේ මූලික අරමුණ වන්නේ නවීන තාක්ෂණය හරහා ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය නව මාවතකට ගෙන යාමයි. පවුලෙන් ලද උරුමය සහ කුඩා කල සිට පැමිණි ගමන මගේ මෝටර් රථ ඉංජිනේරු ජීවිතයේ පදනම වැටුණේ කුඩා කල මගේ නිවස තුළින්මය. මෝටර් රථ (Automobile), හයිඩ්‍රොලික් (Hydraulic) සහ විද්‍යුත් පද්ධති (Electrical) පිළිබඳ මනා තාක්ෂණික දැනුමක් තිබූ මගේ ආදරණීය පියාගෙන් ලද ඒ ශක්තිමත් ආභාසය, මා කුඩා කල සිටම මෙම ක්ෂේත්‍රයට පෙළඹවීමට ප්‍රධානතම හේතුව විය. පියාගෙන් ලද ඒ ප්‍රායෝගික ශිල්පීය දැනුම සහ අද මා සතු ඉංජිනේරුමය හා විද්‍යාත්මක ප්‍රවේශය එක් කරමින් මම අනාගත පරපුර උදෙසා මගේ සේවය කැප කරමි. ජයලත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ මගේ සේවය (2025 සිට වර්තමානය දක්වා) 2025 වසරේ සිට මා ජයලත් - වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ (Jayalath - Centr...